පාස්කු වින්දිතයින් සඳහා සාධාරණයක් ඉල්ලමින් ඉතාලියෙ නාපොලි වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම නගරයෙදී ඊයේ (23) දින විරෝධතාවයක නිරත වුහ.
මෙම විරෝධතාවයට 300 කට ආසන්න පිරිසක් එක්වි තිබු අතර ඒ සදහා ඉතාලි ජාතිකයින් පිරිසක්ද එක්ව තිබු බව සංවිධායකවරුන් පවසයි.
අදාළ විරෝධතාවයට එක්වු පිරිස් පවසා සිටියෙ පාස්කු ප්‍රහාරය එල්ල වි වසර 4 ක් ගෙවි ගියද ඒ සදහා වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක වි නොමැති බවයි.
මෙම අවස්ථාවට ඉතාලියෙ වෙසෙන ටිරෝන් මිහිදුකුලසුරිය පියතුමන් විසින් මෙම පාස්කු ප්‍රහාරයෙ වින්දිතයින්ට සාධාරණයක් ඉල්ලමින් යාඥා මෙහෙයක් පැවැත්විම සිදු කෙරුනා.
පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී කටුවාපිටිය දේවස්ථානයේ ආගමික දේව මෙහෙයට එක්වි සිටියදි තම පුතු හා දියණිය අහිමි වු මවක්ද මෙම විරෝධතාවට එක්ව සිටි බව සංවිධායකයින් වැඩිදුරටත් පවසා සිටියි.