දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත.
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත්, එමගින් දැනට දිනකට කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය තවත් දහසකින් පමණ වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙයි.