හැටන් ගිනිගත්හේන මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේදි 11වන දින පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටිමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මහනුවර හැටන් මාර්ගයේ ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුන එකිනෙක ගැටිමෙන් 11වන දින අනතුරක් සිදුව ඇති බවත්ය.
මෙම අනතුරින් තිදෙනකු තුවාල ලබා ඇති බවත් එයින් දෙදෙනකුගේ තත්වයන් බරපතල බවත් එම තුවාලකරුවන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල ඇතුලත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පැවසිය.

මෙසේ අනතුරට ලක්වු වැන් රථය තලවාකැලේ පතන ප්‍රදේශයේ වැන් රථයක් බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිලිබදව ගිනිගත්හේන පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේ ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 11වන දින හැටන් ගිනිගත්හේන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත්ය.
එසේ ඇතුලත් කරන ලද තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල බවත් එම තත්වයන් මත එම තුවාලකරුවන් වැඩි දුර ප්‍රථිකාර සදහා නාවලපිටිය මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts