මෙවර මහ මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ස්තුතිය පුදකර තිබෙනවා.

‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමිනුයි ජනාධිපතිවරයා ඡන්ද දාකයින් වෙත සිය ස්තුතිය පළකර ඇත්තේ.

මේ අතර පකිස්තාන අගමැති Shehbaz Sharif ද ජනාධිපති දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සුභ පැතුම් එක් කර තිබෙනවා.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාකිස්තානය අපේක්ෂා කරන බවයි අගමැතිවරයා X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

Similar Posts