පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් නීතිපති වරයා ගොනු කර ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන නොවැම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (23) දින නියෝග කොට ඇත.

මෙම නියෝගය එතුමිය විසින් කරනු ලැබුවේ ඇය විසින් මීට පෙර එම මහත්වරුන් දෙපළ ඇප මත මුදා හැරීමට ගෙන තිබූ නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන්ව රිමන්ඩ් ගත කරන ලෙස සිදු කල නියෝගය අනුවය.

 

More Stories