Similar Posts
වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව නඩු
මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට…
අගමැති අද ජාතිය අමතයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි වාර්තා වේ.
ඩොලර් නොමැතිව තෙල් සංස්ථාව දැඩි අර්බුදයක
ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ආරංචි මාර්ග සඳහන් කරයි. එම මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි බව ද වාර්තා වේ.
අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට
මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව…
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්
රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…