පොලොන්නරුව දිස්ත්‍රික්කයට  තද සුළං සමග ගිගිරුම් සහිත මහ වැසි ඇදහැලීමත් සමග අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පන්සල්ගොඩැල්ල මැදිකොටසේ පදිංචි 43 හැවිරිදි තිදරු මවකි.

මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෑගලුගම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළගකින් එහි නිවාස 15කට පමණ හානි සිදු ව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රදේශ ‍රැසකට මහ වැසි සමග අයිස් වැසි ලැබුණු බවත් ප්‍රදේශවාසිහු පවසති.

මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිදවැටීමක් සිදු වූ අතර විදුලි‍රැහැන් මතට ගස් කඩා වැටීම් නිසා මෙසේ විදුලිය බිදවැටීම් සිදුව ඇති බව ද ආපදා කළමනාකරණ ඒකකය වැඩි දුරටත් පවසයි.ඇළහැර ප්‍රදේශයට පතිතවූ අයිස් වැසිවල පින්තූර කිහිපයක් මෙහි දැක්වේ.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts