මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එමෙන්ම මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.