Similar Posts
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට නිවේදනයක්
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය පැවසුවේ ය. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත…
අනුෂා චන්ද්‍රසේකරන්ට විනය පරික්ෂනයක්
කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි. කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ…
ඇඳිරි නීතිය කඩකල 1589ක් අත්අඩංගුවට
ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ නිකරුණේ ගැවසීම, මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
නගරවල රථ වාහන විශාල වශයෙන්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර…
නැරඹුම් ස්ථානයක් බවට පත් වූ ජනපති මන්දිරය
ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට එම ස්තානයට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට…
කොළඹින් ආසාදිතයන් 160ක්
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී සඳහන් කළා. එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කියා සිටියා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන්…