ගත වු පැය කිහිපයේදි මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇත.
මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මේ වන විට සමාජයේ සිටින හඳුනා නොගත් ආසාදිතයින් සංචරණ සීමා පැනවීම තුළින් පවුලට හෝ එක් ප්‍රදේශයකට පමණක් සීමා කරගත හැකි බව ද ඒ මහතා පවසයි.