බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය.
කාලගුණ නිවේදනයට අනුව ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරිහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.