හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

හැටන් සිට මහ නුවර බලා ධාවනවු පුද්ගලික බසයක් හා මහනුවර සිට හැටන් බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටිමෙන් 14 වන දින මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරින් තුවාල ලැබු එක් අයක් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලටත් 22 දෙදෙනකු වටවල  ප්‍රාදේශිය රෝහලටත් ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම අනතුරින් තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කල විසි දෙදෙනාගෙන් හය දෙනකුගේ තත්වයන් බරපතල බැවින් ඔවුන් නාවලපිටිය මුලීක රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බව වටවල රෝහලේ නිලධාරියකු පවසන ලදි.

අධික වේගය හේතුවෙන්  මෙම අනතුර සිදුවඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් ගිනිගත්හේ පොලිසියේ එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts