කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති හැටන් නගරයේ බාබර් සැලුන් විවෘත කිරිමෙදි පිලිපැදිය යුතු නිර්නායන් පිලිබදව එම බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත බාබර් සැලුන් පවත්වාගෙන යාම සදහා එවා ඇති උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වන ලදි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් මෙය සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගරවල බාබර් සැලුන් හිමියන් පැමින සිටින ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts