ship

චීනයේ සිට පැමිණෙන හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු‍ අංශවලට නියෝග කළ බව කොළඹ වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා ප්‍රකාශ කළා.

අදාල හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් හිපෝ ස්ප්‍රිට් නම් මෙම නෞකාව පසුගිය 14 වනදා මලක්කා මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි නාවික දත්තවල දැක්වෙන්නේ.

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවට මේ දක්වා කිසිදු පාර්ශවයක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

More Stories