eggs

බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් හිතු හිතු ලෙස බිත්තර මිල ඉහල දැමිමත් සමග  බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට  බිත්තරයක මිල රුපියල් 58 සිට 68 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බව බොහෝ පිරිසක් පවසති.

මෙකි සමහර කූට වෙළදුන් බිත්තර පාලන මිල ඉවත් කිරිම තම වාසියක් බවට හරවා ගනිමින් අහිංසක පාරිභෝගිකයන් වන තමන්ව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බිත්තර වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ සමහර බිත්තර තොග වෙළදුන් බිත්තර තොග මිල ඉහල දැමිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts