බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑම බවත් වහාම රජය මැදිහත් වී මෙය නතර කළ යුතු බවත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මේ දිනවල බිත්තර මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන හිමියන්ද අනතුරු අගවා සිටින්නේ ඉදිරියේදි බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බවය. නමුත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන්නේ රුපියල් 12.50 ක් පමණ වන බවත් බිත්තර මිලදී ගන්නා රුපියල් 17.50 කට එය මිල දී ගෙන වෙළදසැලේදි එය රුපියල් විස්ස ඉක්මවා අලෙවි කරන බවත් පවසයි.

මෙලෙස බිත්තර මිල ඉහළ යන්නේ බිත්තර හිගයක් මවා පෑම නිසා බවත් විශේෂයෙන්ම එළැඹෙන නත්තල් සමයේදි බිත්තර වැඩි මිලට විකුණා ගත හැකි හෙයින් ඔවුන් මෙලෙස දැන් සිටම එය නිර්මාණය කරමින් සිටින බවද ඔහු පවසයි.
මෙය එක්තරා ආකාරයකින් රජය අපහසුතාවයට පත් කරවන්නක් බවත් එහෙයින් වහාම රජය මීට මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ශානි පොල්ගම්පල

More Stories