කළු ගඟේ ජල මට්ටම ඉහළ  ගොස් බුලත්සිංහල  ප්‍රදේශයේ  පහත්බිම් සහ මාර්ග රැසක්  ජලයෙන්  යටව ප්‍රදේශ කීපයක  ජනතාව පීඩාවට පත්ව  තිබිණි .

මිල්ලකන්ද ප්‍රදේශයේ  ජල මට්ටම අඩි 06.28 කින්ද , ඇල්ල ප්‍රදේශයේ  ජල මටිටම අඩි 08 කින්ද ඉහළ ගොස් ඇති අතර කුකුළේ ගඟ ජලාශයේ  වාන් දොරටු විවෘත  කිරීමෙන් තත්පරයට ජලය ඝණ මීටර් 250 ක් පිට කරන  බවද  කළුතර දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථාන  කියයි.

බුලත්සිංහල  මාලියද්ද  හා දඹර ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග යටව තිබිණි . රත්නපුර ප්‍රදේශයේ ජලය බැස යාමත් සමඟ කළු ගඟේ ජලය බැස යාමට අවහිරව තිබූ වැලි කදු කීපයක්  පසුගිය  (20) දා සවස  බැකෝ යන්ත්‍ර තුනක් යොදාගන ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ එිකකය කියයි.

පසුගිය  දින කීපය තුළ පැවති අධික වර්ෂාව  සහ දැඩි සුළඟ හේතුවෙන්  කළුතර දිස්ත්‍රික්කයේ  ග්‍රාමසේවා  වසමි 62 ක නිවාස 117 කට අර්ධ හානි සිදුව ඇතැයි ද එම පවුල 117 පදිංචි පුද්ගලයන්  444 දෙනෙකු  සදහා  රුපියල්  මිලියන තුනක මුදලක් ජාතික  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්  වෙන්කර ඇතැයි කළුතර  දිසාපති  යු.ඩ්.සි.ජයලාල් මහතා කීවෙීය

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

More Stories