නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙයි.
ගම්පහ ප්රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බව යුද හමුදාපති කියා සිටියේය.
ඊට අමතරව කොළඹ දිස්ත්රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය.
ලංකාවේ විවිධ ප්රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන් ආසාදිතයෙක් නොවී සිටීමට වගබලා ගන්නැයිද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.
ඊට අමතරව ලංකාවේ විවිධ ප්රදේශවලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථානවලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්රදේශ හැටියටයි මේ අනුව වාර්තා වෙන්නේ.