මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු  (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය. විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේය.

ඔවුන් දෙදෙනාම විදේශ රටක සිට මෑතකදී මෙරටට පැමිණි අය යැයිද ඔවුන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ රෝහලකට පැමිණි පසුව වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කර ගත්තේ යැයි ද වෛද්‍ය ගිණිගේ මහතා කීවේය.

මෙම රෝගීන්ගේ නිවසේ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු ද වාසය කරන අතර ඔවුන්ද නිරෝධායනයට යොමුකර ඇතැයි හෙතෙම පැවසීය.

Similar Posts