mathpan

මත්පැන් අළෙවියේ අඩු වීමක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ, අඩු ආදායම් ලාභින් භාවිත කරන කාලෙ බෝතල් අළෙවියේ අඩුවක් බවත් එය ප්‍රමාණයක් ලෙස 43%ක් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම මත්පැන් භාවිත කළ පිරිස විකල්ප ලෙස නීත්‍යනුකූල නොවන මත්පැන් භාවිතයට හුරුව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යට මෙන්ම රාජ්‍ය ආදායමට ද හානිකාරක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ නමුත් එවැනි සංකීර්ණ තත්ත්වයක් මත වුව ද මත්පැන් මිලෙහි කිසිදු අඩුවක් සිදු නොකරන බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියි.මෙරට මත්පැන් අළෙවිය සියයට හතයි දශම හතරකින් (7.4%) පහත වැටී ඇති බවයි අමත්‍යවරයා පැවසුවේ.

මේ අතර මේ වසරේ පළමු මාස හතර තුළ මෙරට සිගරට් අළෙවිය, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට දොළහයි දශම හතරකින් (12.4%) පහළ ගොස් තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සිගරට් අලෙවිය පහත වැටුණත් රාජ්‍ය ආදායමේ බිඳ වැටීමක් දක්නට නොලැබෙන බවයි එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියි. අද (23) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

නමුත් සුරා බද්ද වැඩි කිරීමෙන් අනතුරුව මත් පැන් අළෙවියෙන් රජය ලැබූ ආදායම වැටී තිබුණු බවට පසුගිය දා පුවත් පළ විය.

More Stories