මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ලගාවි ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය.එම තත්වයන් මත මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි එකයි අගල් පහක් පහලින් පවතින බවත් මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

පවතින අධික වැසි තත්වයන් මත විදුලි පුර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත 27වන දින උදැසන සිට විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භව ඇති බවත්ය.
මෙම ජලාශය මෙසේ වාන් දැමිමත් සමග කැඵනි ගංගාවේ ජල මට්ටමද ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තත්වයන් හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිනිමත් සමග එක් වාන් දොරටුවත් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
ඉදිරියේදි වැසි තත්වයන් වර්ධනය වුවහොත් මෙම ජලාශයේ තවත් වාන් දොරටුවක් විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories