මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින දැඩි වැසි තත්වයන් හා විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙයන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හටගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ විට හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.
පවතින වැසි තත්වයන් මත මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එමෙන්ම පවතින මීදු තත්වයන් මත මාර්ග නොපෙනි යන තත්වයන්ට පත්විමෙන් මෙම මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවද ඔහු පැවසිය.
එම තත්වයන් පිලිබදව දැඩි අවදානයන් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්ලනාකාරිව තම රථ වාහන ධාවනය කර විමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories