meduma

මධ්‍යම කදුරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට වැසි සමග දැඩි මීදු තත්වයන් පවතින බවත් එම තත්වයන් මත වීශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල, කැරලයිනා, දියගල, වටවල, යන ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන, ලිදුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවල මාර්ගයන් නොපෙනි යන තත්වයන් පවතින බවත්ය.

මෙම තත්වයන් මත එම ප්‍රදේශවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මග හරවා ගැනිමට මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරන සියලුම රියදුරන් ඉතාමත් කල්පනාකාරිව එම රථ වාහනවල ඉදිරි පස ලාම්පු දල්වා තම රථ වාහන ධාවනය කරවන ලෙස සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories