නුවරඑළිය දිස්ත්‍රික තුල පවතින මන්දපෝෂණ ගැටලු සදහා හැකි ඉක්මනින් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ප්‍රායෝගික විසදුම් ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
නුවරඑළිය දිස්ත්‍රිකය තුල මේ වන විට සමහර ලමුන් මන්දපෝෂන තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා මෙය වෙනස් කල යුතුයි එම තත්වයන් පිලිබදව දැඩි අවදානය යොමුකර එම තත්වයන් වෙනස් කිරිමට මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා.
එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ වන ගහනය මේ වන විට විනාශ වෙමින් පවතිනවා එය රැක ගැනිමටද පියවර ගත යුතුයි නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක පරාදිසයක් දේශීය මෙන්ම විදේශිය සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා බොහෝ තැන් මෙම දිස්ත්‍රික්කය තුල පවතිනවා එම තත්වයන් සලකා මෙම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටත් පියවර ගන්නවා.
එම සංචාරක ව්‍යාපාරය දියුනු කිරිම තුලින් මෙම දිස්ත්‍රික්කය තුල විවිධ ස්වයං රැකියා නිර්මාණය කිරිමෙන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටුවිමටත් හැකි වනවා.
මෙම දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල වන සතුන්ගෙන් සිදුවන හානි නිසා එම ප්‍රදේශවල ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙමින් සිටින්නේ මොකද එම පිරිස් දැඩි මහන්සියකින් සිදුකරනු ලබන විවිධ බව බෝග සතුන් විනාස කිරිම නිසා එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර ඒ සදහා යම් විසදුමක් ලබා දිමටද පියවර ගත යුතුයි.
අද වන විට හැටන් ඇතුළු තවත් ප්‍රදේශ කිපයක කුණු කසල ඉවත් කිරිම සදහා නිසි ස්ථානයක් නොමැතිම දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ එම නිසා එකි ප්‍රශ්න විසදිමට අවශ්‍ය ඉඩම් කොටස් අදාල පලාත් පාලන ආයතනවලට ලබා දිමටත් සැලසුම් කර තිබෙනවා මෙම සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරිම සදහා යම් පාලන බලයක් අවශ්‍ය වෙනවා.
එම නිසා මෙකි සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරිම සදහා ඔබලාගේ වටිනා ඡන්දය අලියා ලකුණට ලබාදි මාහට ඔබගේ වටිනා මනාපය ලබා දිමටත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts