මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයෙදි මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසින් හිමි කර ගන්නා බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලහිරු මධුශංක මහතා පවසයි.

නාවලපිටිය නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ලහිරු මධුශංක මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මෙවර ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක් මෙම මැතිවරණය සදහා ඉදිරිපත් කර තියෙනවා එම තත්වයන් මත මහනුවර දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර 12න් මංත්‍රිධුර හතරක් හෝ පහක් අපිට ලබා ගන්න පුලුවන්.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රධාන සංවිධායක ලෙසයි මම මෙම දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ තරුණ දේශපාලකයෙක් විදියට මම මෙම දිස්ත්‍රික්කය තුල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් සැලසුම් කරලා ති්යෙන්නේ.

උඩු නුවර ආසනය සංචාරක කලාපයක් බවට පත් කිරිමත් ගලගෙදර හා හාරිස්පත්තුව ප්‍රදේශ අපනයන ගම්මාන බවට පත් කිරිමත් මහනුවර දිස්ත්‍රික්කය තුල සුලු අපනයන බෝග වගාවන් සංවර්ධනය කිරිම මෙන්ම එම සුලු අපනයන බෝග විවිධ සතුන්ගෙන් බේරා ගැනිම සදහා අවශ්‍ය පියවර ගන්නේ කෙසේද යන්නත් පිලිබදව සැලසුම් සකස් කර තිබෙනවා එම තත්වයන්ට අමතරව මෙම දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධණ සැලසුම් රාශියක් මා විසින් සකස් කර අවසන්.

ව්‍යාපාර කළමණාකරනය පිලිබදව උපාධියක් ලබා ඇති මා එම දැනුම උපයෝගි කර ගෙන මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිම සදහාද විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සැලසුම්ද තමන් ස.තුව ඇති බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සහය මෙම මැතිවරණයේදි තමන්ට ලබා දිමට පියවර ගන්නා ලෙස මෙම දිස්ත්‍රික්කයේ වෙසෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts