ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගත් බවද කියා සිටියා.