dailyreporter

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්ය.

එම තත්වයන් මත 29වන දින සවස වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 17යි අගල් 5කින්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 13යි අගල් 03ක් පහලින් පවතින බවද එම නිලධාරියා පැවසිය.

මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලි බලාගාර වෙත මේ වන විට උපරිම මට්ටමින් බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts