මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය.
අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ ගංවතුරට යටවීමේ අවදානමක් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස, මාතර ග්‍රිඩ් උප පොළ ආරක්ෂිතව වසා දමන බව ඔහු සඳහන් කළේ ය.