බස් ගාස්තු අඩු කලද හැටන් සිට ධාවනය වන සමහර ලංගම හා පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් තමන් ගසා කැමට ලක් කරන බව මෙම ප්‍රදේශයේ බස් මගින් පිරිසක් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ බස් ගාස්තු අඩුකලද එහි වාසිය බස් මගින් වන තමන්ට නිසි ලෙස ලබා දිමට සමහර ලංගම හා පුද්ගලික බස් කොන්දොස්තරවරුන් කටයුතු නොකරන බවත්ය.
මෙකි සමහර කොන්දොස්තරවරුන් රුපියල් දෙක තුන පමනක් නොව සමහර අවස්ථාවලදි රුපියල් පහ දහය පවා මාරු කාසි නොමැති බව පවසමින් තමන් ගසා කැමට ලක් කරන බවත් තමන් ඉතුරු මුදල් නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලන විට සමහර කොන්දොස්තරවරුන් මාරු කාසි නැතිනම් වදන්නද තමුන්ලා හරියට මාරු කාසි අරගෙන එනවකෝ කියමින් බැන වදින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි ලංගම හා පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් කිප දෙනකුම පවසන ලද්දේ ඇත්ත වශයෙන්ම තමන් සතුව මාරු කාසි නොමැති අවස්ථාවලදි මාරු කාසි නොදෙන තත්වයක් පවතින බවත්ය.
මෙම තත්වයන් පිලිබදව බස් මගින්ද අවදානය යොමු කර තම ගමනාන්තයට අවශ්‍ය ලෙස මාරු කාසි සමග අදාල ටිකට් පතට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් කිසිම ගැටලුවක් ඇති නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts