aresst

ඇදිරි නිතිය උල්ලංගනය කරමින් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ අනවසරයෙන් මැනික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයන් හත් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මැයි මස 01වන දින රාත්‍රියේ බගවන්තලාව පොලිස් වශමේ ප්‍රෙට්රසෝ හා බ්‍රිඩ් වෙල් වතු තුල ඇදිරි නිතිය උල්ලංගනය කරමින් අනවසරයෙන් පිරිසක් මැනික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම සැකකරුවන් සමග මැනික් ගැරිම සදහා උපයෝගි කර ගත් උපකරන කිපයක්ද අත් අඩංගුවට ගත් බවත් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි බවත් ඔවුන්ට එරෙහිව ඉදිරියේදි හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts