mahindadesappriya

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය වගේම මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමද සෑහීමකට පත්විය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන ආදියේ අදහස් හා යෝජනා සලකා බැලීම අවශ්‍ය වන බවද සභාපතිවරයා පවසයි.

මැතිවරණ කොමිසම මේ වනවිට ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකර ගෙන යමින් තිබෙනබවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Similar Posts