import

රට ගොඩ දානවා නම් දාන්න පුළුවන් කෙනෙකු තමයි මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්, එක්ස්පෝ ලංකා හෝල්ඩිං සමාගමේ ප්‍රධානී හනීෆ් යූසුෆ්.

හේතුව ලංකාව රටවල් 25කට වැඩි ප්‍රමාණයක් එක්ක කරන ආනයන අපනයන හසුරුවන්නෙ එක්ස්පෝ හෝල්ඩිං සමාගමෙන්.

අපනයන හා ආනයන වෙළඳාමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර, හිතාමතාම, වංචනික ලෙස ඉන්වොයිස් කිරීම සහ විදේශ විනිමය ඉපැයීම් රටින් පිට තැන්පත් කිරීම හරහා වසර නවයක් පුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 36.833ක් (රුපියල් ට්‍රිලියන 13.246ක්) කොල්ලකා ඇති බව 2022දී Global Financial Integrity විසින් වාර්තා කළා.

ආනයනකරුවන් සහ අපනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවට ගොනු කරන ලද ඉන්වොයිස්වල ප්‍රකාශිත වටිනාකම හිතාමතාම වැරදියට ඉදිරිපත් කර, සෑම වසරකම සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.093 (රුපියල් ට්‍රිලියන 1.471) අහිමි කරන බව වොෂින්ටන් ඩීසී පදනම් කරගත් ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි විසින් කරන ලද පුළුල් විමර්ශනයකින් හෙළි වූ බව වාර්තා කළා.

ඔය පිංතූරෙ ඉන්න ජනාධිපති ලේකම්තුමා රේගුවේ හිටපු සුපිළිපන්භාවය පිළිබඳ උපදේශකවරයෙක්.

ආණ්ඩුකාරතුමායි, ජනාධිපති ලේකම්තුමායි ජනාධිපතිතුමාට එකතු වුණා කියන්නෙ ඉතින් ඔය මිස්ඉන්වොයිසිං වැඩේ කරලා හමාරයි. අයථා ලෙස රටට වාර්ෂිකව අහිමි වන බව කියන ඩොලර් බිලියන හතර ආපසු ලබාගෙන, රටින් පිට හංගපු ධනයත් ආපහු රටට ගෙනත්, ජනාධිපතිතුමාට ඉතිහාසගත වන අන්දමින් මේ රට ගොඩදාන්නට පුළුවන්.

මේක ණයක්ද කියලා එතුමා වරක් ඇහුවෙ ඔය වගේ සැලසුම් ඇතුව වෙන්න ඕනැ.

ඒ නිසා අපි බලාපොරොත්තු සහගත වෙමු.

අජිත් පැරකුම් ජයසිංහ

praja

Similar Posts