මොනරාගල දිස්ත්‍රික්කය තුළ මහ කන්නයේදී ගම්මිරිස් හෙක්ටයාර් 50ක් සහ කොකෝවා හෙක්ටයාර් 50ක් වගා කිරීමට අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොනරාගල සහකාර අධ්යක්ෂ කාර්යාලය කටයුතු යොදා ඇත. බිබිල, මැදගම, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන ගම්මිරිස් සහ කොකෝවා වගා කෙරෙන අතර කොකෝවා රබර් ඉඩම්වල යටි වගාවක් ලෙස වගා කෙරේ. රුපියල් පහක සහනාධාර මිලකට ගම්මිරිස් පැළ ලබා දෙන අතර කොකෝවා පැළ නොමිලේ ලබා දීමට නියමිතය.
ඒ පිළිබඳව විස්තර අදාළ ප්‍රදේශවල ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානවල සිටින අපනයන සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත හැකි බව සහකාර අධ්‍යක්ෂක චමින්ද සෙනවිරත්න මහතා පැවසීය.