රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බව කුකුල් මස් වෙළදුන් පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ රජය මගින් රුපියල් 1250/= වැනි මුදලකට කුකුල් කිලෝවක් අලෙවි කරන ලෙසට දැනුම් දුන්නද එම මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
මෙවැනි මිලකට කුකුල් මස් තොග හෝ ලබා ගැනිමට තමන්ට නොහැකි තත්වයක් පවතින බවත් එසේ තිබියදි එම මිලට කුකුල් තමන්ට පාරිභෝගිකයන්ට ලබා දිමට නොහැකි තත්වයක් පැවතිම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්