ආරුගම්බේ ප්‍රදේශය සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.
බ්‍රිතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව එම රටවල් අතරට අයත්.ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අද (23) සිය පුරවැසියන්ට දැනුම්දීමක් සිදු කරයි.