මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.

More Stories

පොලිසියේ කාන්තාවන්ට වැඩි අවස්ථා රහස් පොලිසියේ අධ්යක්ෂ කාන්තාවක්
ශ්‍රී ලංකා පොලිස් සේවය කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වූ එකකි. පොලිස් සේවයේ ශ්‍රේණි තනතුරු සංඛ්‍යාවන් පවා කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතින් උසස්වීම් ලැබූ බිම්ශානි ජයසිංහගේ තනතුර අභියෝගයට ලක් කරමින් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නඩුවක් පවා…

පොලිස් ස්ථානාධිපති ධුරයට තවත් කාන්තාවක් අප්සරා ක්‍රිෂාන්ති
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරු අතරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිංදෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ. 1996දී උප පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවයට එක් වූ ඇය විවිධ තනතුරුවලින් අනතුරුව 2020 සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කර තිබේ. ඇය ශ්‍රී ලංකාවේ…

පිරිමින් කරන අවමංගල්‍ය සේවා සපයන කාන්තාවක් දෙයියන්දර සේපාලිකා නිල්මිණ
ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය අධ්යක්ෂ සේවාව සාමාන්‍යයෙන් පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක්. එහි කාන්තාවන් සේවයේ නොයෙදෙන තරම්. එහෙත්, මල් ශාලාවක් පවත්වාගෙන යමින් මළ සිරුරු සැකසීම දක්වා සියලු වැඩ කරන කාන්තාවක පිළිබඳ දකුණු පළාතේ දෙයියන්දරින් වාර්තා වෙනවා. ඇය නමින් රණවක සේපාලිකා නිල්මිණි. පවුලේ උරුමයක් වූ දෙයියන්දර මල් ශාලාව පවත්වාගෙන ගියේ ඇගේ සැමියායි. එහෙත්, 2017දී ඔහුගේ හදිසි අභාවයෙන් පසු,…

ලංකාවේ ලියුං බෙදන පළමු තැපැල් පියුං නෝනා සුනාලි රුවන්ගිකා නුගවෙල
(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක පැවතියද, ලොව පැරණිතම සන්නිවේදන මාධ්‍යයක් වන තැපැල් සේවය හරහා ද සිය සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක ප්‍රජාව යොමු වී තිබේ. වර්ෂ 1798 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහක් ආරම්භ කිරීම, 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත්…

දේපළ බද්දක් මග එනවද? ධනවතුන්ගේ දේපළ මත බදු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සපයා තිබෙන විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ තෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් පැවති පුවත්පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව භාර නිලධාරි පීටර් බෘවර් දිගුකාලීන ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් දේපළ බද්දක අවශ්‍යතාව අවධාරණය කළේය. දේපළ බද්ද ධනවතුන්ගේ දේපළවලින් අය කරනු ලබන බද්දකි. ලෝකයේ බොහෝ රටවල් දේපළ හිමියන්ට පනවනු ලබන ප්රගතිශීලී බද්දක් ලෙස මෙම බද්ද සලකයි. එමගින් ධනවතුන්ගේ…

ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද? ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත් කිරීම සඳහා සැලසුම් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. වහල මත සූර්ය කෝෂ පැනලවලින් ලබාදෙන විදුලිය ලබාගැනීම අඩු කිරීමටත්, දැනට එම විදුලි ඒකකයක් සඳහා ලබාදෙන රු. 27ක මුදල අඩු කිරීමටත් සැලසුම් කරමින් සිටින බව වාර්තා…