රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු ඒක්ව තිබුනි.
මෙම තත්ත්වය බුස්ස, අගුණකොළපැලැස්ස ආදි බන්ධනාගර වලටද ව්‍යාප්ත වෙමින් ඇති අතර ඒය පාලනය කිරීම සදහා මේ වන විට විශේෂ අවධානය යොමුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගතව සිටින සියලුම සිරකරුවන්ට ජිවිත සමාව ලබා දීමත් , ජිවිත සමාව ලබා සිටින්නන් නිදහස ලැබීමට නම් අනිවාර්යෙන්ම වසර 20 ක් බන්ධනාගාරගතව සිටිය යුතු බවට මෙතෙක් පනවා තිබු නියමය ඉවත් කිරීමත් කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බව අද (14) දින මාධ්‍ය වල පල වී තිබුණි.
ඒම ප්‍රවෘත්තියට අදාලව ඒමෙන්ම බන්ධනාගාර ගතව සිටින රැදවියන් 267 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරිමට නියමිත බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණි. ඒ් අනුව වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් පිරිසකට මෙලෙස පොදු සමාව ලබාදීමට නියමිතව තිබේ.
මේ යටතේ මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර,මත්කුඩු ජාවාරම් ඇතුළු වැරදි 40කට සම්බන්ධ නැති රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිවීමට ඉඩ තිබේ. අදාල රැදවියන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති අතර ඊට අනුමැතිය ලැබුණු විගස ඔවුන් නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබුණි.