බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත අද (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිස වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබන බවත්, 2022.11.29 දින පැවැති බලපත්‍ර මණ්ඩලය මගින් අමාත්‍යතුමන්ගේ අනුමැතිය යටතේ මෙම නිදහස් කිරීම සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.