රොසැල්ල මාණික්ක වත්ත කොටසේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
රොසැල්ල මාණික්ක වත්ත ප්රදේශයේ පරිසරය විනාශ කරමින් පිරිසක් අනවසර මැණික් ගැරිමක නිරතවන බවට ලැබුන තොරතුරක් මත හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්රදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ලක්ෂිත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් 23වන දින එම ප්රදේශය වැටලිමට පියවර ගෙන ඇත.
එම වැටලිමේදි එම ප්රදේශයේ පරිසරයට හානි කරමින් අනවසර මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් හතර දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයන් හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්