කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් (C.W.C.) මුලස්ථාන කාර්යාලයේ පුද්ගලයන් හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අනාවරණයවි ඇති බව කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ එම කාර්යාලයේ සේවය කරන රියදුරකු ඇතුළු දස දෙනකුට ඇතිවු රෝගි තත්වයන් හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලෙන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කර ගෙන ඇති බවත් එම පරික්ෂනවලදි එම දස දෙනාගෙන් හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හෙලිව ඇති බවත්ය.
මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගන්නා ලද හය දෙනා කොවිඩ් ප්‍රථිකාර සදහා යොමු කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති තවත් දස දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්