හැටන් දික්ඔය නගර සභාව මගින් රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැය කරමින් නවිකරණය කරන ලද හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය මේ වන විට තැන තැන වලවල් හැරි විනාශ විමේ අවදානමකට ලක්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරු කොන්දොස්තරුන් පිරිසක් ඇතුළු මගින් පිරිසක් පවසනුයේ සති දෙකකට අධික කාලයක් මෙම බස් නැවතුම්පල වසාගෙන විශාල මුදලක් වැය කර මෙම බස් නැවතුම්පල භුමිය නවිකරනය කලද වසරක්වත් යාමට පෙර නැවත බස් රථ නැවතුම්පල භුමිය තුල තැන තැන වලවල් හැරි ඇති බවත්ය.

මෙම බස් නැවතුම්පල භුමිය නවිකරනය කරන ලද්දේ වැසි සහිත කාලයක බවත් මෙම භුමිය නවිකරනය කරන විට පස් මතට නිසි ලෙස කලු ගල් නොදමා සමහර ස්ථානවල මැටල් පමනක් පස් උඩින් දමා තාර දැමිමත් සමග තැන තැන මේ වන විට වලවල් හැරෙමින් පවතින බවත්ය.
මෙසේ තැන තැන හැරි ඇති ස්ථාන කඩිනමින් නවිකරණය කිරිමට පියවර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් මෙම බස් නැවතුම්පල භුමිය විනාශ විමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.

එමෙන්ම මෙතරම් මුදලක් වැය කර මෙසේ වසරක්වත් බාවිතා කිරිමට නොහැකි වන ලෙස මෙම බස් නැවතුම්පල භුමිය නවිකරණය කල ආකාරය පිලිබදවත් එයට සම්බන්ද නිලධාරින් පිලිබදවත් විමර්ෂනයක් කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම බස් නැවතුම්පල භුමිය නවිකරනය කිරිම සදහා රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැයවු බවත් එම බස් නැවතුම් පල භුමිය නවිකරනය කර දැනට වසරක් පමන කාලයක් වන බවත්ය.
මේ වන විට මෙම බස් නැවතුම්පල භුමියේ තැන තැන හැරි ඇති වලවල් කඩිනමින් නවිකරනය කිරිමට පියවර පියවර ගන්නා බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts