ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා වැඩි කිරීම සදහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.