anusha chandra sekaram

වතුකරයේ ජනතාවට පවතින්නේ වැටුප් නිවාස මාර්ග ප්‍රශ්න පමනක් නොවෙයි එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.
තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය.
මේ වන විට වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බොහෝ දෙනකු හිතා ඉන්නේ මේ වතු කර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය, නිවාස ප්‍රශ්න, වැනිදේ කියලායි එත් මෙයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට තියෙනවා.
මේ වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යපන පහසුකම් ඉතාමත් පහත් මට්ටමකයි පවතින්නේ එම අවම පහසුකම් මත වුවත් උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට යන්න විශ්ව විද්‍යාල පහසුකම් නිසි ලෙස නැහැ විශ්ව විද්‍යාලය තේරේන මේ ප්‍රදේශයේ බොහෝ පිරිසකට ලැබෙන්නේ යාපනය, අම්පාර වැනි විශ්ව විද්‍යාල.
එම විශ්ව විද්‍යාලවලට යාමට විශාල මුදලක් වැයවන නිසා විශ්ව විද්‍යාලයට තේරෙන බොහෝ පිරිසක් විශ්ව විද්‍යාල ගමන අතරමග නතර කරනවා එමෙන්ම වෘත්තිය පුහුණුවක් ලබා ගන්න අවශ්‍ය පහසුකම් නිසි ලෙස නැහැ එම නිසා එවැනි පහසුකම් මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඇති කිරිමට පියවර ගත යුතුයි.
මේ වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් මෙපමන කාලයක් පාර්ලීමේන්තුවට ගිය පිරිස් මේ පිලිබදව නිසි අවදානයක් යොමු කරපු බවක් පෙන්න නැහැ එවැනි අවදානයක් යොමු කලානම් මේ වන විට මෙම දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන කිපයක් ඇතිවිය යුතුයි.
පසුගිය ජනාධිපතිවරනයේදි රට ඉල්ලුවේ වෙනසක් ඒ වෙනස මත තමයි අනුර කුමාර මහතා ජනාධිපති වුනේ ඒ වගේ මේ වතු කරයටත් දැන් වෙනසක් අවශ්‍යයි එම වෙනස ඇති කිරිමට තමයි මමත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ.
මේ වතුකර ජනතාවට ඉඩම් දෙන්නම් ගෙවල් දෙන්නම් කියලා මම පෙරෝන්දු දෙන්නේ නැහැ එත් මට පාර්ලීමේන්තුවට යන්න වරමක් ලැබුනොත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න අවශ්‍ය පහසුකම් අවුරුදු පහක් තුලදි ලබා දෙන්න කටයුතු කරනවා.
2020මැතිවරණයේදි ස්වාධිණව තරග කරලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වුනා එම තත්වයන් මත මම හිතනවා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ මෙන්ම ගම්මානවල ජනතාවද මාහට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය ඡන්ද ලබා දෙයි කියලා.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts