badweather

පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා  එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය.

ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි.

පැවැති   වර්ෂාව හා සුළග සමග විශාල ශබ්දයක් සමගම විශාල ගල් පර්වතයක් පෙරළි ගියා. යැයි සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් කියති. 2017 වර්ෂයේද මෙම ස්ථානයේ නාය යාමක් සිදුවු බව ප්‍රදේශවාසින් කියති.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක නියෝජ්‍ය අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රදීප් මාපලගම මහතා කිවේ මෙම ස්ථානයට ආපදා කළමණාකරන නිළධාරින් යොදවා පවුල් 13 ක පිරිස් ඉවත් කළ බවයි.

මෙම ස්ථානයේ 2017 වර්ෂයේ නාය යාමෙන් පෙරළි ගිය පස් කන්දක් මත තිබු විශාල ගලක් පෙරලි ඇති නමුත් ජාතික ගොඩනැගිළි පර්යේෂණ නිරික්ෂණ ආයතනයට දැනුම් දි ඇති බවයි. එම නිළධාරින් ගේ පරීක්ෂණයකින් කරුණු තහවුරු වන තෙක් ජතාව කොස් ගුලනවිහාරස්ථානයේත්, හිවතුන්ගේ නිවාස වලත් තාවකාලික නතරවී සිටින බව ප්‍රදීප් මාපලගම මහතා කීවේය.

කොස්ගුලන ශ්‍රී ගංගාරාමාධිපති වලකඩ මහින්ද වංශ හිමියෝ කීවේ  පවුල් අටක පමණ ජනතාව විහාරස්ථානයේ තාවකාලික නතරවී සිටින බවයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts