ප්‍රදේශ රැසකින් සොයා ගන්නා ලද අලෙවියට තබා තිබූ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මත්පැන් බෝතල්වලට මෙම ස්ටිකරය හඳුන්වාදීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ ගිය අතර එමගින් ව්‍යාජ මත්පැන් හඳුනා ගැනීමට ද හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉකුත් දින කිහිපයේ සිදුකළ වැටලීම්වලින් මත්පැන් අලෙවිසැල් කිහිපයක තිබී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් රැසක් සොයා ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.