ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින දේශීය සංචාරකයන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශ්‍රාම ශාලා පෞද්ගලික හිතවතුන් වෙනුවෙන් බදු දීමට සංචාරක අමාත්‍යවරයා ඇතුළු ආයතන සභාපතිවරිය කටයුතු කරන බව පවසමින් අනුරාධපුර පිහිටි සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට සේවකයන් ඊයේ (1දා)විරෝධතාවක නිරත වූහ.

බදු දීම නවතා ගැනීම සඳහා බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා කලත් ඉන්පලක් නොවුන බවත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මඟින් කැබිනට් අනුමැතිය ලබා ගෙන බදු දීමට පියවර ගනිමින් සිටින බව විරෝධතාකරුවෝ මෙහිදී  පැවැසූහ.

විරෝධතාවට එක් වෙමින්  අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංචරණයේ භාණ්ඩාගාරික කේ.එම්. සංජීව මහතා.ආයතන කවදාවත් පාඩු ලබපු ආයතන නෙමෙයි. ආයතන ප්‍රධානීන් විසින් තමයි මේ ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කලේ.

හිතවතුන් වෙනුවෙන්  බදු දීමට සහ විකිණීමට තමයි උත්සහ කරන්නේ.ඊට එරෙහිව අපි ප්‍රධාන කාර්යාලයෙන් පටන් අරගෙන කතරගම නුවර බණ්ඩාරවෙල මෙවැනි විරෝධතා පැවැත්වූවා.

සංචාරක මණ්ඩලයට අයත්ව තිබූ මේ ආයතන තමයි දැන් සංචාරක අධිකාරියට යටතේ තිබෙන්නේ.හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් මෙය කොටස් හතරකට බෙදාවෙන් කර ඉන්පසුව පාඩු ලබනවා කියලා තමයි ආයතන ප්‍රධානීන් කියන්නේ.ඒත් කවදාවත් ආයතන පාඩු ලබපු ආයතන නෙවෙයි.ලාභ ලබපු නිසා තමයි දෙසැම්බර් සහ අප්‍රේල් අවුරුදු වලට ප්‍රසාද දීමනා  පවා ලබා දුන්නේ,

අනුරාධපුර පිහිටි  මෙම ආයතන 2018/19  කාලයේ ඇති වූ වර්ෂාවත් සමග මල්වතු ඔය පිටාර ගැලීමෙන් යට වුණා. පසුව අපි කාමර පහකින් තමයි ආයතනය වසර කිහිපයක්  පවත්වා ගෙන ගියේ.

ඉන් පසුව ඉදිකළ නව දෙමහල්  ගොඩනැගිල්ලට අවශ්‍ය පහසුකම් වත් ලබා දුන්නේ නෑ. ඇදන් වලට අවශ්‍ය මෙට්ට ඉල්ලුම ලබා දෙන්නේ ඇඳ ඇතිරිලි, මෙයින්  ලැබෙන මුදල් විනාශකාරී ලෙස පරිහරණය කරලා හිතවතුන්  අතරේ බෙදා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ.

සංචාරක අමාත්‍යාංශයට අපි කිව්වා මේක විකුණන් කෑම නවත්තන්න කියලා.කවදාවත් ඔවුන් මේ ගත්ත පියවර පස්සට තියන්න කැමති නැහැ. අපි බලයට පත් කරපු ආණ්ඩුව තමයි මෙහෙම කරන්නේ.

යහපාලන  සමයේ විකුණපු රාජ්‍ය දේපල දේපළ යළි රජයට පවරා ගන්නවා කියලා පොරොන්දු ලබාදුන්න නිසා තමයි අපි මේ රජය බලයට පත් කළේ.දැන් මේ රජය කරන්නෙත් ඒ දේම තමයි. සෞභාග්‍යයෙ දැක්ම පුස්සක් වෙලා.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories