වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයා බව පොලීසිය පවසයි.
මියගිය පියා තවත් පිරිසක් සමග පැවැති ආරවුලක් ඇති වූ ස්ථානයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදු වී ඇතැයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත.
මිය ගිය ළමයාගේ සිරුර වීරකැටිය ප්‍රදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
චන්ද්‍රසේන ගමගේ