ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවාස විසි හතරක් නාය යාමේ තර්ජනයන්ට ලක් විමත් සමග එම නිවාස හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

1993 වර්ෂයේදි මෙම නිවාස ඉදි කරදි ඇති බවත් මේ වන විට එම නිවාස නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවයි එම නිවාස හිමියන් පවසනුයේ.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිවාස හිමියන් පවසනුයේ පසු ගිය දිනවල ඇද හැලුන අධික වර්ෂාවත් සමග නිවාස තුනකට පස් කදු කඩා වැටිමත් සමග එහි පදිංචි 15 දෙනකු මේ වන විට එම නිවාසවලින් ඉවත්ව එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ කොටසක තාවකාලිකව නතර කර ඇති බවත්ය.

තවත් නිවාස 21ක්ද නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවත් එම නිවාසවලද බිත්ති පුපුරා පොලොවද ඉරි තැලිම්වලට ලක්ව ඇති බවත් මෙම තත්වයන් මත මෙම නිවාසවල ජිවත් විම දැඩි අවදානම් බවද ඔවුන් පවසති.

මෙම නිවාසවලින් ඉවත්වන ලෙස 2015 ජනවාර මාසයේදි පතල් හා ගොඩනැගිලි පරික්ෂන ආයතනය මගින් දැනුම් දුන්නද මේ වන තෙක් තමන්ට වෙනත් ස්ථාන ලබා දිමට පියවර ගෙන නොමැති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ඔවුන් වැඩි දුරටත් පවසති.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories