ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි.
හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා කොට ජය මාවත විවරකර ගත්තේය.
ශ්‍රී ලංකා පිල සහභාගීවන මීළග තරගය ලබන 16 වැනිදා ලක්නව් හීදී ඔස්ය්රේලියාවට එරෙහිව පැවැත්වේ.