dailyreporter

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි.

ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ,

“මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්.

එවැනි පණිවුඩ වලට ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න.”

More Stories